Saturday, October 28, 2017

අධිවේගය නවතනු!

අධිවේගය නවතනුකියන්නෙ පට්ට ගං කබරයොපරිසරය ආරක්ෂා කරන්න කියල ඔය කොයිඑකෙක්වත් කරත්ත වල යන්නෙ ඕනෙ නෑ.අධිවේගයට තියන මගෙ විරෝධතාවය මෙහෙමයි.

1. 
පරිසර පදධතිය ප්‍රතිස්ථාපනය කරන්න හැකි සියලු දේ කරනු.ඕකෙන් කැපෙන ගස් ඔක්කොම ගණිනව ගැනපු ගාණම ආයෙත් ROW ඇතුළෙ හදන්න පුළුවන්.වගේ.

2. 
බර වාහන සඳහා නුසුදුසු පොදු මාර්ග භාවිතය තහනම් කරනු!

pilot road 
එකක් හදන්න ලොකු වියදමක් කරනවානෙමොකටද නැත්නම් pilot road වලට වියදම්කරන්නෙ?

3. 
ඔය ආශ්‍රිතව කර්මාන්ත කලාප හදලආයොජකයො ගෙන්වන්න ක්‍රමයක් හදනු!පට්ට වියදමක් කරල අධිවේගී මර්ග හැදුවට වැඩක් නෑඕකෙ අරමුණ ඉක්මනට ගෙදර යන එක විතරනම්

Wednesday, January 28, 2015



බටලන්ද හොඳාඳායි, ද?



විවිධ හේතු නිසා පහුගිය චන්දෙදි පාලක පිරිස වෙනස් කරන්න ඕනේ කියල හිතපු කෙනෙක් මමත්. මට නම් තිබුනේ අවම දෙයක්,

1 චන්ද්‍රිකගෙ ආණ්ඩුව අස්ථාවරම 2000 ආණ්ඩුවට හිටියෙ මන්ත්‍රීවරු 107යි මතක හැටියට. ඒ ආණ්ඩුවෙ ඇමතිවරු 64යි. එතකොට ඇමතිකමක් නැතුව හිටිය 43 දෙනෙක්. පහුගිය ආණ්ඩුවෙ (ඡන්දෙට කලින්) මන්ත්‍රීවරු 152යි, ඇමතිවරු 109යි, ඒත් ඇමතිකම් නැතිව ඉන්නෙ 43යි. එතකොට අඩුම චන්ද්‍රිකාට තිබුන ලැජ්ජාව වත් මහින්දට තිබුනේ නෑ. අනෙක් අතට හොඳටම පෙන්න තිබුන දෙයක් තමයි එතන හිටිය වැඩි දෙනෙක් හිටියේ පොදු එකඟතාවයකට (‘පොදු එකඟතාවය’ කියන වචනෙට බෑ එහෙම එකක් හදන්න) නෙවෙයි, එක්කෝ වෙන කෙනෙක් නැති නිසා (සමහරු රනිල් ආණ්ඩුව අල්ලයි කියන එකට තියන මර බිය), බොහෝවිට ‘ඇමති හොඳාඳායි’ නිසා.

2 පොදු දේපල ප්‍රසිද්දියේ අව බාවිතයේ යෙදවීම, නිතිය ප්‍රසිද්දියේ අව බාවිතයේ යෙදවීම මට්ටමටම පිරිහිලා තිබුන වෙලාවක මේ ප්‍රසිද්දියේ කියන කෑල්ලවත් නැතිවෙයිනේ කියන එකටයි.

දැන සමහරු මගෙන් අහනවා “2005න් පස්සේ හොරු විතරනේ හොයන්නේ, ඒවා විතරද වැරදි” කියල. මට කියන්න තියෙන්නේ, “හොරකම නම් හොරකමමයි, වැරදි නම් වැරදි මයි. ඒක කියන්න මට කොන්දක් තියනවා, එදත් තිබුන, 2005න් පස්සේ වැරදි ඒවා වැරදියි කියන්න උඹලට කොන්න්ද පන නෑ”. 

පොටෝ කෑල්ල ඉස්සුවේ : http://www.gossipbook.lk/2014/10/Batalandha-film-shooting-Ranminithenna.html

Tuesday, January 7, 2014

පන්ති පරතරය

අපේ රටේ වැඩිහිටියෝ කිසි දවසක ළමයින්ව ඉංජිනේරුවෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, එහෙම නැත්නම් නීතිඥක් කරන්න මහන්සි වෙනවා කියන එක අමුලික බොරුවක්. එහෙම එකක් නෑ. එකම දේ එයාලට ඕනේ ළමයි ඉහල සමාජෙට යවන්න. නැත්නම් හොඳ සල්ලි කාරයෙක් වෙලා එයාලට කවදාවත් නොලබිච්ච පාරිභෝගික භාණ්ඩ පරිභෝජනය කරනවා දකින්න. එහෙම නැතුව වෙන එකක් නෙවෙයි. 

ඒක හරියටම සනාත වෙනවා එයාල එතනට ගියාමත්. 'ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න එන අයටයි, privet hospital එකකට හරි channel center එකකට හරි යන අයටයි කතා කරන හැටි' අතර වෙනස දැක්කම. එහෙම නැත්නම් 'පාරක් හදද්දී බාර් එකයි, තානායමයි ඒ පාර අයිනේ තියන ඉන්ජගෙයි, ඩොකාගෙයි ගෙවල්, එහෙම නැත්නම් පොලිසියේ වැටක් AGA ගේ තාප්පයක් ලස්සනට බේරෙද්දී, තොසේ කඩේට, පලතුරු එළවලු කඩේට වෙනදේවල්' දැක්කම.  

පරණ වම්මුටික කතා කරන්නේ ධනපතියෝ සෙට් එක පොඩි මිනිස්සු පෙලන හැටි. හැබැයි, බුද්දිමත් කියල අමුතු class එකක් හදාගෙන ඉන්න මුං හිතාගෙන ඉන්නේ තනතුර සහ වෘත්තීය කියන්නේ දේව වරමක් කියල. තමන්ගේම උන්ට කෙලවන හැටි දැක්කම අජුවයි. 

Monday, November 26, 2012

පෝය


පෝය


ලංකාවෙ මීඩියා වල හැම පෝයටම යන තරං ආගමික වැඩසටහන්, මෙහෙ රාමදාන් දවසට වත් නෑ. හැබැයි, බුදුන් කතාකරපු දාර්ශනික කරුනු ගැන තෙරුම් ගන්න, වෙනත් මතයක් ඉවසන්න, වෙනත් දාර්ශනික කරුනක් තෙරුම් ගන්න වැඩි දෙනෙක්ට ඕනෙ කමක් නෑ.

හරියටම හිතුවොත් මෙහෙ මිනිස්සු මෝඩ නිසයි මෙ රටවල් අන්තවදී වෙලා තියෙන්නෙ.මෙහෙ ගොඩක් මිනිස්සු තමන්ගෙ භාශාවයි, ආගමයි ඇරෙන්න වෙන කිසි දෙයක් දන්නෙ නෑ ලෝකෙ ගැන. ඉතාමත් අඩුවෙන් ඉන්න, ඉගෙන ගත්තු අයත් දන්නෙ තමන් කරන වැඩේ කරන්න විතරයි. එකත් පොඩි සරල වැඩක් කරට පස්සෙ වෙන වැඩක් දවසටම කරන්නෙ නෑ.

මුන්ට හෙනගැහුවත් මොකද? ඒක නෙමෙයි කියන්න හැදුවෙ.

ලංකාවෙ ඉගෙනගත්තු, මිනිස්සුයි තමන් දැනුවත්ව අන්තවදී දේවල් කරන්නෙ ඒ විදියට බැලුවම ලංකාවෙ මිනිස්සු මිලේච්චයි මුන්ට වඩා. 

Saturday, April 28, 2012

විට දෙකේ කතාව


'විට දෙකේ කතාව' අහන්න ඇතිනෙ. ඕක වමෙන් දේශීය චින්තනයට වෙච්චි සංක්‍රමනය ගැන පැහැදිලි කිරීම විදියට තමයි මට හිතෙන්නෙ. සාක්කු දෙකේ රතු කමිසෙයි, තරුවක් අල්ලපු චේ තොප්පියයි, සූස්තියයි අතහැරල,. ජාතික අඳුමටයි බුලත් විටටයි මාරු උන කැහැටු ගැහිල හිටිය ඈයො, දැන් බුලත් විට දෙකක් හකු දෙකේම දාගේන කනව කියල හිතෙනව කම්බුල් ඉදිමිලා තියන හැටි දැක්කම. ඒකට නම් කමක් නෑ දෙශපාලනය කොරා කියල මන්ද-පෝෂනයෙන් මැරෙන්න ඕනෙ නෑ නෙ. 

ඔය 'විට කතාව' ඇහුවම මට මතක් උනේ 'Skitzo' සෙට් එක කියන 'රම්බෝ' සිංදුව. අහල බලන්නකෝ.

වචන ටික නම් මට ඇහෙන විදියට තමයි ලිවුවෙ. වැරැද්දක් තියෙනම් සමාවෙන්ඩලා.




රම්බෝ


වචන ගැලපීම: S. මාධව.
ස්වර ගැලපීම: තරිඳු J.
සංගීතය ගැලපීම: X

රම්බෝ ඕ ඕ..
පාරෙ අව්විදන් යාවිද,
දාඩියත් දාගෙන,
දූවිලී කාගෙන,
රම්බෝ ඕ ඕ..
පාරෙ අව්විදන් යාවිද,
මට නිකන් වැරදුනාවත් ද,....

රම්බෝ ඕ ඕ..
පාරෙ අව්විදන් යාවිද,
තෝසෙ කඩයෙන් කාවිද, 
ප්ලේන්ටියකුත් ගහගෙන, 
රම්බෝ ඕ ඕ.. 
පාරෙ අව්විදන් යාවිද, 
මට නිකන් වැරදුනාවත් ද,.....


රම්බෝ ඕ ඕ..පාරෙ අව්විදන් යාවිද,
පිස්තෝලයක් නැතුවම,
රටම පාතාලෙක, 
රම්බෝ ඕ ඕ..
පාරෙ අව්විදන් යාවිද,
මට නිකන් වැරදුනාවත් ද,.....



රම්බෝ ඕ ඕ..
පාරෙ අව්විදන් යාවිද,
අයුක්තිය දැක දැක,
චුයිංගමයක් හප හප,
රම්බෝ ඕ ඕ..
පාරෙ අව්විදන් යාවිද,
මට නිකන් වැරදුනාවත් ද,.....







Saturday, April 21, 2012

මෙයාද සිංහලයා





මෙතන තියෙන්නෙ, උඹ අඳුරන මමත් , මම අඳුරන උඹත් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ලැබිල තියන මොලෙන් හිතන්න තියන කම්මැලි කමට ඉබේ හිතෙන ගෝත්‍රික අදහස්. උඹල වගේම තමයි මුනුත් හිතන ඉන්නෙ තමන්ගෙ 'දෙයියා' තමන් බේර ගනී කියල.


ඔය වෙලාවට උන්ට උඹව මතක් වෙන්නෙ නෑ. මතක් උනත් හරක් රෑනක් මැද්දෙ ඉන්න හරකෙක් වගේ ඉස්සරහට යනව. මරාගෙන මරාගෙන ඇවිත් උඹව හම්බුන දාට උඹව බේරන්න හදයි, හැබැයි කරන්න දෙයක් නෑ පිටිපස්සෙ ඉන්න එකා උඹව බලාගනී.


උඹ යලුවො එක්ක තරහ වෙන්න එපා බන් උන්ව තරහ කරගන්නත් එපා. මොකද උනුත් සත්තුන්ගෙන් පරිනාමය වෙච්ච මනු සතෙක්.


පැහැදිලි කිරීමක්:
මේ පොටෝ කෑල්ල මගෙ මුස්ලිම් යාලුවෙක් බුකිය මට ටැග් කරල තිබුන උදේම. මෙතන දැම්මෙ උට මම දාපු කමෙන්ට් එක.

ප.ලි.


ඔය තියෙන්නෙ මුස්ලිම් යාලුව ඔය photo එක යටින් දාල තිව්න දේ


I know u, u know me. I know some Buddhism because of u. U know some Islam bcoz of me. but I am dissapointed with this. so no point of being friends with u? or u r treating friends as this? i love u my dear friends. god bless u, me, and my country  












ආයිබෝං

ඔන්න මමත පටන් ගත්ත ලියල දාන්න.