Wednesday, January 28, 2015



බටලන්ද හොඳාඳායි, ද?



විවිධ හේතු නිසා පහුගිය චන්දෙදි පාලක පිරිස වෙනස් කරන්න ඕනේ කියල හිතපු කෙනෙක් මමත්. මට නම් තිබුනේ අවම දෙයක්,

1 චන්ද්‍රිකගෙ ආණ්ඩුව අස්ථාවරම 2000 ආණ්ඩුවට හිටියෙ මන්ත්‍රීවරු 107යි මතක හැටියට. ඒ ආණ්ඩුවෙ ඇමතිවරු 64යි. එතකොට ඇමතිකමක් නැතුව හිටිය 43 දෙනෙක්. පහුගිය ආණ්ඩුවෙ (ඡන්දෙට කලින්) මන්ත්‍රීවරු 152යි, ඇමතිවරු 109යි, ඒත් ඇමතිකම් නැතිව ඉන්නෙ 43යි. එතකොට අඩුම චන්ද්‍රිකාට තිබුන ලැජ්ජාව වත් මහින්දට තිබුනේ නෑ. අනෙක් අතට හොඳටම පෙන්න තිබුන දෙයක් තමයි එතන හිටිය වැඩි දෙනෙක් හිටියේ පොදු එකඟතාවයකට (‘පොදු එකඟතාවය’ කියන වචනෙට බෑ එහෙම එකක් හදන්න) නෙවෙයි, එක්කෝ වෙන කෙනෙක් නැති නිසා (සමහරු රනිල් ආණ්ඩුව අල්ලයි කියන එකට තියන මර බිය), බොහෝවිට ‘ඇමති හොඳාඳායි’ නිසා.

2 පොදු දේපල ප්‍රසිද්දියේ අව බාවිතයේ යෙදවීම, නිතිය ප්‍රසිද්දියේ අව බාවිතයේ යෙදවීම මට්ටමටම පිරිහිලා තිබුන වෙලාවක මේ ප්‍රසිද්දියේ කියන කෑල්ලවත් නැතිවෙයිනේ කියන එකටයි.

දැන සමහරු මගෙන් අහනවා “2005න් පස්සේ හොරු විතරනේ හොයන්නේ, ඒවා විතරද වැරදි” කියල. මට කියන්න තියෙන්නේ, “හොරකම නම් හොරකමමයි, වැරදි නම් වැරදි මයි. ඒක කියන්න මට කොන්දක් තියනවා, එදත් තිබුන, 2005න් පස්සේ වැරදි ඒවා වැරදියි කියන්න උඹලට කොන්න්ද පන නෑ”. 

පොටෝ කෑල්ල ඉස්සුවේ : http://www.gossipbook.lk/2014/10/Batalandha-film-shooting-Ranminithenna.html

3 comments:

  1. මහලොකු දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි , අපි බලාගන ඉමු

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔළුව කෙළින් තියාගෙන ඉන්න තියෙන අන්තිම දින 100 වෙන්නත් පුළුවන්. :P

      Delete
  2. ඔව්වට කියන්නේ අල්ලස් කියලා...

    ජ ය වේ වා !!!

    ReplyDelete